පාකිස්තානයේ අභිරහස් රෝගයක් – දැනටමත් 18ක් මිය ගිහින්

පාකිස්තානයේ කරච්චි නුවර අභිරහස් රෝගයක් පැතිරෙන බවට පුවත් වාර්තා වනවා.

මේ වනවිටත් එම අභිරහස් රෝගයෙන් 18 දෙනෙකු මියගොස් ඇති අතර, එම 18 දෙනාගෙන් වැඩි සංඛ්‍යාවක් කුඩා ළමුන් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පාකිස්තාන සෞඛ්‍ය සේවා ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී සඳහන් කළේ ජනවාරි 10 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ මෙම හඳුනා නොගත් රෝගයෙන් 18 දෙනෙකු මිය ගිය බවත් ඉන් 14 දෙනෙකුම කුඩා දරුවන් බවයි.

මෙම අභිරහස් රෝගය කරච්චි නුවර, වෙරළාශ්‍රිත මවාච් ගෝත් පළාතේ ගෝත් නමැති ධීවර ගම්මානය කේන්ද්‍රකොට ගනිමින් පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස පැතිර යන අභිරහස් රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය කණ්ඩායම් කීපයක් යවා ඇති බව අබ්දුල් හමීද් ජුමානී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අබ්දුල් හමීඩ් ජුමානි පැවසුවේ මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ මරණවලට පෙර අධික උණ, උගුරේ ඉදිමීම සහ හුස්ම ගැනීමේ අපහසුතාව යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
9
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?