පාකිස්තානයේ අභිරහස් රෝගයක් – දැනටමත් 18ක් මිය ගිහින්

පාකිස්තානයේ කරච්චි නුවර අභිරහස් රෝගයක් පැතිරෙන බවට පුවත් වාර්තා වනවා.

මේ වනවිටත් එම අභිරහස් රෝගයෙන් 18 දෙනෙකු මියගොස් ඇති අතර, එම 18 දෙනාගෙන් වැඩි සංඛ්‍යාවක් කුඩා ළමුන් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පාකිස්තාන සෞඛ්‍ය සේවා ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී සඳහන් කළේ ජනවාරි 10 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ මෙම හඳුනා නොගත් රෝගයෙන් 18 දෙනෙකු මිය ගිය බවත් ඉන් 14 දෙනෙකුම කුඩා දරුවන් බවයි.

මෙම අභිරහස් රෝගය කරච්චි නුවර, වෙරළාශ්‍රිත මවාච් ගෝත් පළාතේ ගෝත් නමැති ධීවර ගම්මානය කේන්ද්‍රකොට ගනිමින් පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස පැතිර යන අභිරහස් රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය කණ්ඩායම් කීපයක් යවා ඇති බව අබ්දුල් හමීද් ජුමානී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අබ්දුල් හමීඩ් ජුමානි පැවසුවේ මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ මරණවලට පෙර අධික උණ, උගුරේ ඉදිමීම සහ හුස්ම ගැනීමේ අපහසුතාව යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21