මොරටුව වෙරළ තීරයේ නාඳුනන කාන්තාවකගේ මළසිරුරක්

මොරටුව මාදංගහවත්ත වෙරළ තීරයට නාඳුනන කාන්තාවකගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

එය 60 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් වියහැකි බවට සැක කරන බව පොලීසිය ප්‍රකාශ කරනවා.

හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථානීය පරීක්ෂාවක් සිදු කර සිරුර කළුබෝවිල රෝහල වෙත යොමු කර තිබෙනවා.

සිරුර හඳුනා ගැනීම සඳහා මහජන සහය පතන බව පොලීසිය නිවේදනය කරනවා.

මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.