දෙණියාය, බෙවරලිය ප්රදේශයේ දොළක නෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
දෙනියාය පොලිසිය සඳහන් කළේ අද (07) පස්වරු 02.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
පුද්ගලයන් හය දෙනෙක් පැමිණ එම ස්ථානයේ දිය නාමින් සිටින අතරතුර, පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූවන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
