ආණ්ඩුව කිසිවිටකත් නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නැහැ- නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න

වර්තමාන ආණ්ඩුව කිසිවිටකත් නීතිය අතට ගෙන ක්‍රියා නොකරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරනවා.

මහනුවරදී (07) දින මාධ්‍ය හමුවේ අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් තමන්ට නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළ නොහැකි බවයි.

තවදුරටත් අදහස් පල කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, රජය ජනතා මර්ධන නීති ගේනවා කියලා, විවිධ අය විවිධ අදහස් පළ කළත් ඒක නෙවෙයි ඇත්ත නොවන බවට අවධාරණය කරනවා.

ජනතාව මර්දනය කරනවානම් දැනට වුනත් නීති තියෙන බවත්, මේ ගේන්න හදන පනත්වල යම් ගැටළු තියෙනවා නම් ඒවා සංශෝධනය කරන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවටත් ඒ මහතා පෙන්වා දෙනවා.

ඉතින් ඒ අනුව මේ කටයුතු විනිවිදභාවයෙන් යුක්තව කරනු ලබන බව පේන බවත්, . ඔය කියන විදියට ඒ පනත ආවත් උද්ඝෝෂණය කරන්න බැරිකමක් නොමැති බවටත්, දැනුත් උද්ඝෝෂණය කරන්න පුළුවන් එදාටත් උද්ඝෝෂණය කරන්න පුළුවන්, ඒක ජනතා අයිතියක් යැයි ද වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.