Fly high Get bonus Aviator Phone

ප්‍රමාණවත් ඉන්ධන සහිතව ලංකාවට එන්න – ගුවන් යානාවලට විශේෂ දැනුම්දීමක්

ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන සංචිත ගුවන් තොටුපළේ නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවලට ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විදේශ ගුවන් සේවාවන්ට දැනුම් දෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ ඉන්ධන නොමැති වුවහොත් වෙනත් ගුවන් තොටුපළකින් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීමට සිදුවන බවයි.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බදාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් දන්වා තිබෙනවා.

එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බවත් දන්වා ඇති අතර ජනතාව සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙ දින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?