ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.
පැය 10ක කාලයක් මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.
අද උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා ජල කප්පාදුව සිදු කෙරෙන බව ද ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.