පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සුදුසු මැතිවරණ ක්‍රමය තීරණය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.
අදාළ කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අවශ්‍ය කරන බැවින් එම කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 වැනි දින දක්වා දීර්ඝ කළ බවට පාර්ලිමේන්තුවට අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දුන් අවස්ථාවේ දී ඊටවිපක්ෂය විරෝධය පල කළා.
එම අවස්ථාවේ දී අදහස් දක්වමින්, සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ, එම කාරක සභාවේ අරමුණ වනුයේ, මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම මිස මැතිවරණය කල් දැමීම නොවන බැවින් විපක්ෂයක් ලෙස ඉදිරියේදී එම කාරක සභාවට පැමිණීමෙන් වැළකීමට තීරණය කළ බවයි.













