පළාත් කිහිපයක අහස අදත් කළු වන ලකුණු

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් වාර්තා වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණික ව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14