පළමු ටෙස්ට් තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දිමුත්ගෙන් ඉඟියක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද එක් වුණා.

හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයට සඳහා දඟ පන්දු යවන්නන් වන රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරියට වැඩි අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් වැඩිදුරටත් පැවසුවේ පිතිකරුවන් 07 දෙනෙක්, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ පළමු තරගයට එක්වීමේ සැලසුමක් ඇති බවයි.

පවතින උණුසුම් කාලගුණයත් සමඟ එක් වේග පන්දුයවන්නෙක් අබාධයකට ලක්වුවහොත් වේගපන්දු යවන්නෙක් නැතිවීම හේතුවෙන් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ තරගයට එක්වීමට තීරණය කළ බවයි දිමුත් පවසා සිටියේ.

මේ අතර නිශාන් මධුෂ්ක හෙට තරගයේ දී ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කිරීමට නියමිත බවත්, කඩුල්ල පිටුපස වගකීම සධීර සමරවික්‍රමට පැවරෙන බවත් දිමුත් මෙහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?