පළමු ටෙස්ට් තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දිමුත්ගෙන් ඉඟියක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද එක් වුණා.

හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයට සඳහා දඟ පන්දු යවන්නන් වන රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරියට වැඩි අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් වැඩිදුරටත් පැවසුවේ පිතිකරුවන් 07 දෙනෙක්, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ පළමු තරගයට එක්වීමේ සැලසුමක් ඇති බවයි.

පවතින උණුසුම් කාලගුණයත් සමඟ එක් වේග පන්දුයවන්නෙක් අබාධයකට ලක්වුවහොත් වේගපන්දු යවන්නෙක් නැතිවීම හේතුවෙන් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ තරගයට එක්වීමට තීරණය කළ බවයි දිමුත් පවසා සිටියේ.

මේ අතර නිශාන් මධුෂ්ක හෙට තරගයේ දී ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කිරීමට නියමිත බවත්, කඩුල්ල පිටුපස වගකීම සධීර සමරවික්‍රමට පැවරෙන බවත් දිමුත් මෙහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01