spot_imgspot_img
spot_img

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයේ වර්ධනයක් – වැස්ස තවදුරටත්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය වර්ධනයවීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව උතුර, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
3
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?