පලස්තීනයේ උත්සාහය ජයගනී

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාවට පක්ෂව සාමාජිකයන් 143ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාව ද ඇතුළත්.

යෝජනාවට විපක්ෂව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඇතුළුව සාමාජිකයින් 09 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වුණා.

එමෙන්ම තවත් සාමාජිකයන් 25 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මෙලෙස සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුන නමුත්, පූර්ණ සාමාජිකත්වය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් ඇති බවට හඳුනාගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකමක් හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51
Video thumbnail
"මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ..ගොඩක් අය දන්නේ නෑ "- ජනපති අධිකරණය ගැන කට අරියි
12:03
Video thumbnail
උලමා සභාව හමුවට ගිය නීතීඥ සංගමයේ සභාපති..
00:18
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32