Fly high Get bonus Aviator Phone

පලස්තීනයේ උත්සාහය ජයගනී

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාවට පක්ෂව සාමාජිකයන් 143ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාව ද ඇතුළත්.

යෝජනාවට විපක්ෂව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඇතුළුව සාමාජිකයින් 09 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වුණා.

එමෙන්ම තවත් සාමාජිකයන් 25 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මෙලෙස සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුන නමුත්, පූර්ණ සාමාජිකත්වය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් ඇති බවට හඳුනාගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකමක් හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?