හදිසියේ ඇති වූ දෝෂයක් නිසා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම යන්ත්‍රය බිඳ වැටුණ ද විදුලි කප්පාදුවක් නොවන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













