නීති විරෝධීව ගෙන්වූ සීනි තොගයක් රාජසන්තක කෙරේ

නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙටික්‌ ටොන් 1,200ක් රාජසන්තක කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ සුදු සීනි ආනයනය කරනු මුවාවෙන් දුඹුරු සීනි ගෙන්වා ඇති බවයි.

ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් දුඹුරු සීනි දේශීයව නිෂ්පාදනය වන බැවින් ඒවා ආනයනය සීමා කර ඇති පසුබිමකයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙම සීනි ආනයනය කර ඇත්තේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ උග්‍ර ඩොලර් හිගයකට රට මුහුණ දී ඇති මේ අවස්ථාවේ දී සියලු‌ දෙනා නීතිගරුක ව කටයුතු කළ යුතු බවයි.

එහෙත් අදාළ ව්‍යාපාරිකයා සුදු ලෙස ආනයනය කළ බහාලුම් තුළ 50%කට වැඩි ප්‍රමාණයක් දුඹුරු සීනි ඇති බව රේගු නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අදාළ සීනි තොගය නිරීක්ෂණය කිරීම සඳහා අද (06) පස්වරුවේ ගිය අවස්ථාවේ දීයි.

දැනට මෙම සීනි තොගය පෑලියගොඩ ප්‍රදේශයේ රේගු භාරයට පත් කරගෙන ඇති පෞද්ගලික ගුදමක පොලිස් ආරක්ෂාව යටතේ ගබඩා කර තිබෙනවා.

“ඇත්තටම අපි ඉන්නෙ ඩොලරයක් පවා රැකගත යුතු තත්ත්වයක. ඒ තරම් බරපතල විදේශ විනිමය ගැටලුවක් අපි ඉන්නෙ. එවැනි තත්ත්වයක් යටතේ ව්‍යාපාරිකයන්ගේ වගේම සාමාන්‍ය ජනතාවගේ වගකීම ඒ් වෙනුවෙන් රජය පනවපු නීති රීති අනුව කටයුතු කිරීම. මේ වැටලීම සිදු කරල තියෙන්නේ රේගුවේ නිලධාරියකු වෙළෙඳපොළේ දුඹුරු සීනි මිල දී ගත් අවස්ථාවේ දී ඒවායේ ස්වභාවය පිළිබඳ ඇති වූ සැකය මතයි. ඉතින් සාමාන්‍ය ජනතාවටත් හැකියාව තියෙනවා කිසියම් ස්ථානයක මෙවැනි නීති විරෝධී සිදුවීමක් තියෙනව නම් ඒ් පිළිබඳ රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන්න. 0112 – 471471 අංකය පැය 24 පුරාම ඒ් වෙනුවෙන් විවෘතයි. ඒ වගේ ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද 0112- 347881 අංකයෙන් මේ පිළිබඳ දැනුම් දීමේ හැකියාව තියෙනවා. මේ තොරතුරු ලබා දෙන පාර්ශ්ව ආරක්ෂා කිරීම වගේ ම ඔවුන්ට සුවිශේෂී ත්‍යාග පිරිනැමීමට රේගුව කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කළ යුතුයි”

යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අදාළ ආනයනකරු විසින් ගෙන්වන ලද බහාලුම් 45ක් මෙහි දී පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර ඉන් 30ක් අදාළ ගුදමේ දී විවෘත කිරීමෙන් පසු මෙම දුඹුරු සීනි තොගය සොයා ගැනුණා.

පසුගිය දිනවල සුපිරි වෙළඳසැල් තුල රතු සීනි හිඟයක් ඇතිවීම සහ යම් සිල්ලර වෙළඳසැල් තුල කිලෝවක් රුපියල් හාරසියයක් වැනි අධික මිලකට අලෙවි වන බව නිරීක්ෂණය කළ රේගුවේ නිලධාරියෙකු ඒ පිළිබඳ කළ සොයා බැලීමකදියි මෙම වංචාව අනාවරණ වී ඇත්තේ.

කූට ව්‍යාපාරිකයෙකු විසින් සුදු සීනි ආනයනය කරන මුවාවෙන් දැනට ආනයනය සීමා කර ඇති රතු සීනි ආනයනය කර ඇති බව එහිදී හෙළිවී තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා විසින් පසුගිය කාලය තුල ඉන්දියාවෙන් ආනයනය කල බහාලුම් 85ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබන අතර එම බහාලුම් මේ වන විට රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බහාලුම් 85 අතුරින් බහාලුම් 45ක් මේ වන විට පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒවා තුල තිබී සීනි මෙට්‍රික් ටොන් 1,215ක් සොයාගෙන ඇතැයි සඳහන්.

එම සීනි මෙට්‍රික් ටොන් 1,215න් හරි අඩක් එනම් මෙට්‍රික් ටොන් 607.5ක් රතු සීනි බවටයි තහවුරු වී ඇත්තේ. මෙම සීනි මෙට්‍රික් ටොන් 1,215හි මුළු වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 240ට වඩා අධික බවට තක්සේරු කර තිබෙනවා.

https://youtu.be/CtH8-h0d0Z8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22