නිලධාරියා උන්ඩ සමග අත්අඩංගුවට

බෝර දොලහේ තුවක්කු සඳහා යොදා ගන්නා පතුරොම් පහක් සමඟ අඩවි වන නිලධාරිවරයකු අද(18) අළුයම පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ වන සංරක්ෂණ කාර්යාලයක සේවයේ නියුතු අඩවි වන නිලධාරිවරයකු වන අතර ඔහු සයින්දුමරදු, කල්මුණේ ලිපිනයෙ පදිංචි 28 හැවිරිදි අයෙකි.

උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මාතාගෙ නියෝගයකට අනුව ඒ නවය මාර්ගයේ යාපනයේ සිට කල්මුණේ දක්වා ගමන් ගත් බස් රථයක අද(18) අළුයම එකට පමණ සිදු කළ හදිසි පරීක්ෂාවකදී මෙම අඩවි වන නිලධාරිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?