spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිර්වින්දන වෛද්‍යවරුන් නැති නිසා රෝහලක සැත්කම් නවතී (වීඩියෝ)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් අනියුක්තව නොමැති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය පවසනවා.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය, හදිසි ශල්‍යකර්ම සහ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනත් රෝහල් 04ක් වෙත මාරු කර යැවීමට සිදුව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා අදාළ රෝහල් වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂවරයා එලෙස දැනුම්දී ඇත්තේ රත්නපුර ශීක්ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල හා මාතර මහ රෝහලේ අධ්‍යක්ෂවරුන් වෙතයි.

රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව සඳහන්.

ඒ වෙනුවෙන් තාවකාලිකව අනුයුක්ත කළ වෛද්‍යවරයා ද විදේශ පුහුණුව වෙනුවෙන් තාවකාලිකව මුදාහැර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ සති දෙකක පමණ කාලයක සිට රෝහලේ ශල්‍යකර්ම නතරවී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=WO7n-7pRwbY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?