නිර්වින්දන වෛද්‍යවරුන් නැති නිසා රෝහලක සැත්කම් නවතී (වීඩියෝ)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් අනියුක්තව නොමැති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය පවසනවා.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය, හදිසි ශල්‍යකර්ම සහ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනත් රෝහල් 04ක් වෙත මාරු කර යැවීමට සිදුව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා අදාළ රෝහල් වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂවරයා එලෙස දැනුම්දී ඇත්තේ රත්නපුර ශීක්ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල හා මාතර මහ රෝහලේ අධ්‍යක්ෂවරුන් වෙතයි.

රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව සඳහන්.

ඒ වෙනුවෙන් තාවකාලිකව අනුයුක්ත කළ වෛද්‍යවරයා ද විදේශ පුහුණුව වෙනුවෙන් තාවකාලිකව මුදාහැර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ සති දෙකක පමණ කාලයක සිට රෝහලේ ශල්‍යකර්ම නතරවී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=WO7n-7pRwbY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28