නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරුවක් අතර තුර අද (30) පෙරවරුවේ පැරෂුට් භටයෙක් අනතුරට ලක්ව තිබෙනවා.
ඔහුගේ පැරෂුට්ය පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉහළ අහසේ සිට බිම වැටුණු එම පැරෂුට් භටයා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
ලබන 04 වනදා පැවැත්වෙන 76 වන නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් අද (30) පෙරවරුවේ ගාලුමුවදොර ආශ්‍රිතව පෙරහුරු ආරම්භ වුණා.













