නාවික හමුදාපතිවරයා අරලියගහ මන්දිරයේ දී අගමැතිනියව හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (16) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අභිනව නාවික හමුදාපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමිය අතර සිදු වූ පළමු හමුව මෙය වනවා.

ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා

මෙහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමිය , ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සිය සුබපැතුම් එක් කළා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17