නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබුවා.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරුණා..

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කළා.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් වුණා.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය

  1. එස්.එස්.කේ. විතාන මහතා
  2. ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා
  3. ඒ.එම්.එම්. රියාල් මහතා
  4. ඩී.පී.මුදුන්කොටුව මහතා
  5. එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා
  6. ජේ. කජනිදීපාලන් මහතා
  7. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා
  8. එච්.එම්.බී.ආර්. විජේරත්න මෙණෙවිය
  9. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා
  10. ඒ.ඒ. ආනන්දරාජා මහතා
  11. ජී.එන්.පෙරේරා මහතා
  12. ඒ. ජුඩේසන් මහතා
  13. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය
  14. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා
  15. කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙණෙවිය
  16. ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා
  17. එම්.අයි.එම්. රිස්වි මහතා
  18. ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22