නව දේශපාලන සන්ධානයක් පස්වනදා එළිදකී

ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක මැති ඇමතිවරු ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් එක්ව ගොඩනැඟීමට නියමිත දැවැන්ත දේශපාලන සන්ධානය පිළිබඳව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරු දැනුවත් කිරීම අද සිදු කෙරුණා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම විසින් අද (02) මහ නාහිමිවරු දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම නව දේශපාලන සන්ධානය ලබන 05 වනදා එළිදක්වන බවයි.

එම දේශපාලන සන්ධානයේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කටයුතු කරන අතර, ලේකම් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම එම සන්ධානයේ අනෙකුත් තනතුරු සඳහා නිලධාරීන් පත්කර ගැනීම 05 වනදා සිදුකරන බව ද ඔහු පැවසුවා.

“මෙතෙක් බිහිවූ දැවැන්ත දේශපාලන සන්ධානය මෙය වශයෙන් හඳුන්වන්න පුළුවන්. පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ටිරාන් අලස්, අසංක නවරත්න, නිමල් ලන්සා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්ද වැනි ප්‍රවීන දේශපාලඥයන්ගේ පක්ෂ මේ සඳහා එක් වෙනවා. ඊට අමතරව රිෂාඩ් බදියුදීන් වගේම තවත් මුස්ලිම් හා දමිළ පක්ෂවල සාමාජිකයින් හා විවිධ දේශපාලන කණ්ඩායම් රැසක් අප සමඟ එක්වෙනවා. විශේෂයෙන් අපි මේ සන්ධානය ආරම්භ කරන්නේ අපේ සංවිධාන කටයුතු පහසු කරගැනීම සඳහායි. ජනාධිපතිතුමාට සහායදීම නිසා අපේ පක්ෂවල කිසිවෙකු හෝ සංවිධායක ධුරවලින් ඉවත් කළහොත් ඔවුනට දේශපාලනය කිරීම සඳහා කඳවුරක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි මේ සන්ධානය බිහිවන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30