යාපනය, නල්ලූර් ප්රදේශයේ ඉදිකර තිබූ තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.
පූර්ව දැනුම්දීමකින් තොරව අද (27) උදෑසන පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ, එම පිළිරුව ගලවා අදාළ ස්ථානයෙන් රැගෙන යෑමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
තිලීපන් සැමරුමේ අවසන් දිනය ඊයේ (26) දිනයට දී තිබුණා.
ශ්රී ලංකාවේ තහනම් කරන ලද ත්රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්රධාන සන්නද්ධ සාමාජිකයෙකු ලෙස කටයුතු කර පසුව මියගිය තිලීපන්, අනුස්මරණය කරමින් නල්ලූර් නගර සභාවට අයත් ඉඩමක පිරිසක් පසුගියදා කිසිදු අවසරයකින් තොරව මෙම ප්රතිමාව ඉදිකර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.













