ධම්මික ප්‍රසාද්ට ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ලොකු තනතුරක්

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක, ධම්මික ප්‍රසාද්ව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් 2026 පෙබරවාරි මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි.