දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම මුහුදු සිංහයා පිළිකාවකට ගොදුරු වී අසාධ්‍ය තත්තත්වයේ සිට ඇති අතර දේශීය සහ විදේශයය වෛද්‍යවරුන් පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුකළ සැත්කමකින් පසු එම සත්ත්ත්වයා සුවය ලබමින් සිටින බව වාර්තා වනවා.
2012 වසරේ දී ජපානයේ නගෝයා සත්වෝද්‍යානයෙන් සත්ව හුවමාරුව වැඩසටහන යටතේ මෙරටට ලැබුණු මුහුදු සිංහ යුවළෙන් ජීවත්ව සිටි එකම මුහුදු සිංහයා ‘බොතම්’ නම් මෙම ගැහැණු සත්ත්වයායි.
දීර්ඝ කාලීනව එම රෝගයෙන් පීඩා විඳි ‘බොතම්ගේ’ සෞඛ්‍ය තත්ත්ව්‍යා මත හොංකොං රාජ්‍යයේ සිට වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මෙරටට ගෙන්වා ඔවුන් සමග දේශීය වෛද්‍යවරු ද එක්වී මෙම සත්ත්වයාගේ පිළිකා රෝගයට සැත්කමක් සිදුකර තිබෙනවා.
මීට මාස දෙකකට ප්‍රථම සිදු කළ මෙම සැත්කමින් පසු, බොතම් මේ වන විට සුවය ලබමින් සිටිනවා.













