දෙවට වෙරළ තීරයේ අනවසර වෙළඳසැල් ඉවතට -බලධාරීන් විසින්ම එම ස්ථාන දුන් බව වෙළඳුන් කියයි

ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳසැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන් දැඩි විරෝධය පළ කර සිටි අතර ඔවුන් සඳහන් කරන්නේ මීට පෙර තමන් වෙළඳාම් කටයුතු කළ ස්ථානවලින් ඉවත්කර, නගර සභාවේ බලධාරීන් විසින්ම මෙම ස්ථානයේ කඩ සාදා දුන් බවයි.

පෙර දැනුම්දීමකින් තොරව ඉවත්කරා ගැනීමට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම පැමිණ මෙලෙස තම වෙළඳසැල් ඉවත් කළ බවයි එම වෙළඳුන් චෝදනා කළේ.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි ලෙස දැනුම් දී තිබූ බවයි.

ඉදිකිරීම් ඉවත් කිරීමේ අවස්ථාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් ද ආරක්ෂාව සඳහා එම ස්ථානයට කැඳවා තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57