දෙදිනක් තුළ කළ මෙහෙයුම් රැසකින් උතුරෙන් කිලෝ ගණනින් බීඩිකොළ මතුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම සහා මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පෙරේදා (21) සහ ඊයේ (22) දෙදින තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහා කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1318.22 පමණ තොගයක් (තෙත බර සහිත ව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් අදාළ වැටලීම සිදු කරන ලද බවයි.

පෙරේදා දිනයේ දී නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන විත් තබූ උර හතරක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 206කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණු අතර ඊයේ වැටලීම සිදු කෙරුණු තලෛයිමන්නාරම පරණ පාලම වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින්, මුහුදේ පාවෙමින් තිබු සහ වෙරළ තීරයට ගසාගෙනවිත් තිබු උර 16 සහ පාර්සල් 09ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 1050කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මගින් මන්නාරම උතුර මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමක දී එම මුහුදේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 60 ග්‍රෑම් 920ක් එක් උරයක තිබී සොයා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම මෙහෙයුම් මගින් තලෛයිමන්නාරම සහ මන්නාරම ප්‍රදේශ වෙතින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්‍ෂිතව තබා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22