දුමින්ද සිල්වාට ලබා දුන් තීරණය අත්හිටුවයි ද? – තීරණය මැයි 08

නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද පියවර අත්හිටුවා යළි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආර්. දුමින්ද සිල්වා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම ලබන මැයි 08 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරු මඬුල්ල දින නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ එදිනට පෙර සීමිත විරෝධතා ලිඛිත ව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් කරුණු තහවුරු කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙරුණු බවයි.

සිය සේවාදායකයා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව හිසට බරපතළ තුවාල ලබා ශල්‍යකර්ම කිහිපයකට ද ලක් වූ අයෙකු වන බැවින් යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියා.

මරණ දඬුවම නියම වූ පසු පෙත්සම්කාර ආර්. දුමින්ද සිල්වා මහතා වසර ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂිත නේවාසික වාට්ටුවක ප්‍රතිකාර ලැබුවේ එක්තරා වෛද්‍යවරයෙකුගේ තනි නිර්දේශය මත බවත් මෙලෙස එක් පුද්ගලයෙකුට පමණක් සුවිශේෂී වරප්‍රසාද අනෙක් සිරකරුවන් ද ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නා.

යහමින් මුදල් හා වෙනත් හේතූන් මත ඔහු වැනි පිරිසකට එවැනි සුවිශේෂී වරප්‍රසාද ලබාදීම අනෙක් සිරකරුවන් හා රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

  1. එතකොට ගෝටාභය ආ ගමන් ඕකට නිවාස සංවර්දන අදිකාරියේ සභාපති කළා එදා කිසිම ප්‍රශ්නයක් නැහැ ඇතුලට දාපු ගමන් අසනීපෙන්

    මේවගේ ඩ්‍රාමා දැන් වත් ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39