දුම්රියේ ගැටීමෙන් පා පැදිකරුවෙක් ජීවිතක්ෂයට

වෙන්නප්පුව – වයික්කාර දුම්රිය හරස් මාර්ගය හරහා පා පැදියක් තල්ලු කරගෙන යමට උත්සාහ කළ අයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

ඊයේ (25) පස්වරු 06.25 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ කළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 55ක පුද්ගලයෙක්.

මොහු, වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක නැවතී සිටිමින් පින්තාරු වැඩ කළ අයෙක් බවට ද හදුනා ගෙන තිබෙනවා.

කොළඹ සිට හලාවත බලා ධාවනය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඈති බවයි පොලිසිය පවසන්නේ.

දුම්රිය ධාවනය වෙමින් තිබූ නිසා හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා තබා තිබිය දී ගේට්ටුව හරහා තම පා පැදියද තල්ලු කරගෙන ගමන් කිරීමට උත්සාහ කරන විට ඔහු අනතුරට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32