වෙන්නප්පුව – වයික්කාර දුම්රිය හරස් මාර්ගය හරහා පා පැදියක් තල්ලු කරගෙන යමට උත්සාහ කළ අයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
ඊයේ (25) පස්වරු 06.25 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ කළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 55ක පුද්ගලයෙක්.
මොහු, වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක නැවතී සිටිමින් පින්තාරු වැඩ කළ අයෙක් බවට ද හදුනා ගෙන තිබෙනවා.
කොළඹ සිට හලාවත බලා ධාවනය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඈති බවයි පොලිසිය පවසන්නේ.
දුම්රිය ධාවනය වෙමින් තිබූ නිසා හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා තබා තිබිය දී ගේට්ටුව හරහා තම පා පැදියද තල්ලු කරගෙන ගමන් කිරීමට උත්සාහ කරන විට ඔහු අනතුරට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ සිරුර මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.













