දැක්කම ඇඟ හිරිවැටෙන අනතුරකින් දිවි බේරාගත් 13 හැවිරිදි ළමයා

ගුජරාටයේ සූරත්හි සිදු වූ බිහිසුණු අනතුරකින් 13 හැවිරිදි පිරිමි ළමයෙකු දිවි ගලවා ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ගොඩනැගිල්ලක තුන්වන මහලෙන් ඇද වැටුණු මෙම ළමයාගේ උරහිස හරහා සිදුරු වී මුඛය හරහා යකඩ කූරක් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

යකඩ කූරක් උරහිසට සිදුරු කිරීමෙන් පසු මුඛයෙන් පිටතට පැමිණ දිවි ගලවා ගත් පිරිමි ළමයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ගුජරාටයේ සූරත්හි මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වයස අවුරුදු 13ක නාසිෂ් නමැති මෙම පිරිමි ළමයා මුස්ලිම් පල්ලියක තුන්වන මහලේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට ගොස් තිබුණා.

එහිදී පල්ලියේ ඉහළ මට්ටමේ සිට යාබදව ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකට පැනීමට උත්සාහ කිරීමේ දී ඔහුගේ පාදය පැටලී බිම් මහලට ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී උරහිස හරහා යකඩ කූරක් සිදුරු කර ඔහුගේ මුඛය හරහා පිටතට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අවට සිටි පිරිස කඩිනමින් ක්‍රියාත්මක වී යකඩ කූර එම ස්ථානයෙන් කපා දමා, මුඛයෙන් පිටතට නෙරා ඇති කැබැල්ල සමඟ ළමයා සූරත් සිවිල් රෝහලට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පැයක් පුරා පැවති සැත්කමකින් අනතුරුව ඉතා ආරක්‍ෂිත ලෙස යකඩ කූර ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා.

ළමයා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ සුවය ලබමින් සිටින අතර, සම්පූර්ණයෙන්ම ස්ථාවර වූ පසු සාමාන්‍ය වාට්ටුවට මාරු කර බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27