Empty Ad
AFC Banner
AFC Banner

දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස සංරක්ෂණය කිරීමට පියවර (ඡායාරූප)

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම සතවයාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඊයේ (29) රාත්‍රියේ කටයුතු කරනු ලැබුවා.

සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන් කර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර තිබෙනවා.

හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

මේ අතර දීඝදන්තු 01 හස්තියාගේ ඊයේ (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙම සතවයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?