දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස සංරක්ෂණය කිරීමට පියවර (ඡායාරූප)

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම සතවයාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඊයේ (29) රාත්‍රියේ කටයුතු කරනු ලැබුවා.

සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන් කර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර තිබෙනවා.

හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

මේ අතර දීඝදන්තු 01 හස්තියාගේ ඊයේ (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙම සතවයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17