Indian Premier League

දියණියගේ පෙම්වතා අතින් ඝාතනයට ලක් වූ පුද්ගලයා

අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) පස්වරුවේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 60ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයාගේ 27 හැවිරිදි දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවතවාගෙන ගිය 25 හැවිරිදි තරුණයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර 25 හැවිරිදි තරුණයා මොවුන්ගේ නිවසේ නැවතී සිට ඇති අතර, එහිදී දියණිය සහ මෙම තරුණයා අතර ඊයේ (07) ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරු විසින් තියුණු ආයුධයකින් තරුණියට පහර දී ඇති අතර, එය වැළක්වීමට ගිය තරුණියගේ පියාට ද තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී පහර කෑමට ලක්වූ තරුණිය සහ ඇයගේ පියා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටිය දී වයස අවුරුදු 60ක මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
0
+1
4
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?