දියණියගේ පෙම්වතා අතින් ඝාතනයට ලක් වූ පුද්ගලයා

අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) පස්වරුවේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 60ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයාගේ 27 හැවිරිදි දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවතවාගෙන ගිය 25 හැවිරිදි තරුණයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර 25 හැවිරිදි තරුණයා මොවුන්ගේ නිවසේ නැවතී සිට ඇති අතර, එහිදී දියණිය සහ මෙම තරුණයා අතර ඊයේ (07) ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරු විසින් තියුණු ආයුධයකින් තරුණියට පහර දී ඇති අතර, එය වැළක්වීමට ගිය තරුණියගේ පියාට ද තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී පහර කෑමට ලක්වූ තරුණිය සහ ඇයගේ පියා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටිය දී වයස අවුරුදු 60ක මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40