Fly high Get bonus Aviator Phone

දඹදිව වන්දනාවේ ගිය කණ්ඩායමක් මුහුණ දුන් අමිහිරි අත්දැකීම

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළේ සිට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත් වීමට නියමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අවලංගු වීම හේතුවෙන් භික්ෂුන් වහන්සේ ඇතුලු මගීන් 70 දෙනෙකු දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

දඹදිව සංචාරයේ නිරතවූ භික්ෂූන්වහන්සේ දෙනමක් ඇතුළු ශ්‍රී ලාංකිකයකයන් 70 දෙනෙකු මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත් වීමට නියමිතව තිබුණේ පසුගිය 9 වැනිදා පස්වරු 6.30ටයි. නමුත් මගීන්ට කිසිදු දැනුම් දීමක් සිදු නොකර අදාළ ගුවන් ගමන අවලංගු කර ඇති අතර මේ හේතුවෙන් භික්ෂුන්වහන්සේ දෙනම ඇතුළු මගීන් 70 දෙනා හට පැය 18ක කාලයක් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදුවිය.

වරින් වර මේ සම්බන්ධයෙන් දිල්ලි ගුවන් තොටුපොළ නියෝජිතයින්ගෙන් විමසූ නමුත් ඔවුන් නිසි පිළිතුරක් ලබා නොදී මඟහැරි බවට මගීන් චෝදනා කළා.

පසුදා පෙරවරු 10 වන තුරුත් විවිධ අපහසුතා මැද ස්වාමීන් වහන්සේ දෙනම ඇතුළු මගීන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේම රඳවා තබා ගැනීමෙන් පසුව ඔවුන් හෝටලයක් වෙත යොමු කර තිබෙනවා.

මගීන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ යානයෙන් අද අලුයම දිවයිනට පැමිණියා.

මෙම ගුවන් යානයද ඊයේ පස්වරු 6.35ට දිල්ලි ගුවන් තොටුපොළෙන් පිටත්වීමට නියමිතව තිබුණත් යානය ගුවන් ගත වී ඇත්තේ රාත්‍රී 11.30ටයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ යානයේ පක්ෂියෙකු ගැටීමෙන් ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගුවන් ගමන්වාරය අවලංගු කිරීමට සිදු වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
15
+1
2
+1
3
+1
5
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?