දඹදිව වන්දනාවේ ගිය කණ්ඩායමක් මුහුණ දුන් අමිහිරි අත්දැකීම

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළේ සිට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත් වීමට නියමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අවලංගු වීම හේතුවෙන් භික්ෂුන් වහන්සේ ඇතුලු මගීන් 70 දෙනෙකු දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

දඹදිව සංචාරයේ නිරතවූ භික්ෂූන්වහන්සේ දෙනමක් ඇතුළු ශ්‍රී ලාංකිකයකයන් 70 දෙනෙකු මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත් වීමට නියමිතව තිබුණේ පසුගිය 9 වැනිදා පස්වරු 6.30ටයි. නමුත් මගීන්ට කිසිදු දැනුම් දීමක් සිදු නොකර අදාළ ගුවන් ගමන අවලංගු කර ඇති අතර මේ හේතුවෙන් භික්ෂුන්වහන්සේ දෙනම ඇතුළු මගීන් 70 දෙනා හට පැය 18ක කාලයක් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදුවිය.

වරින් වර මේ සම්බන්ධයෙන් දිල්ලි ගුවන් තොටුපොළ නියෝජිතයින්ගෙන් විමසූ නමුත් ඔවුන් නිසි පිළිතුරක් ලබා නොදී මඟහැරි බවට මගීන් චෝදනා කළා.

පසුදා පෙරවරු 10 වන තුරුත් විවිධ අපහසුතා මැද ස්වාමීන් වහන්සේ දෙනම ඇතුළු මගීන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේම රඳවා තබා ගැනීමෙන් පසුව ඔවුන් හෝටලයක් වෙත යොමු කර තිබෙනවා.

මගීන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ යානයෙන් අද අලුයම දිවයිනට පැමිණියා.

මෙම ගුවන් යානයද ඊයේ පස්වරු 6.35ට දිල්ලි ගුවන් තොටුපොළෙන් පිටත්වීමට නියමිතව තිබුණත් යානය ගුවන් ගත වී ඇත්තේ රාත්‍රී 11.30ටයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ යානයේ පක්ෂියෙකු ගැටීමෙන් ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගුවන් ගමන්වාරය අවලංගු කිරීමට සිදු වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
15
+1
2
+1
3
+1
5
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44