දමිතාගේ ප්‍රකාශය ගැන බන්ධනාගාරයෙන් විමර්ශනයක්

පසුගියදා ඇප මත මුදා හැරීමෙන් පසුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කළ දමිතා අබේරත්න මහත්මිය බන්ධනාගාර තුළදී තමන්ව ජරා ගැහැනුන් සිටින තැනකට දමන ලෙස ඉහළ නිලධාරීන් නියෝග කළ බව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය පැවසුවේ යැයි අැය සඳහන් කළාය.

 ප්‍රසිද්ධියේ මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

බන්ධනාගාර නිලධාරිනියක් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට එරෙහිව එවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් එය බරපතළ තත්ත්වයක් වන බැවින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

තමන්ව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය තුළදී රඳවා තබනු ලැබුවේ වැසිකිළියක් ආසන්නයේ වූ අපිරිසිදු ස්ථානයක බවද දමිතා එහිදී මාධ්‍යයට ප්‍රකාශ කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !