දකුණු කොරියාවට වැස්සෙන් දැඩි බලපෑම් – මරණ 26ක් දක්වා ඉහළට (ඡායාරූප)

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස්, තවත් දසදෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශවල ගංවතුර, නායයෑම් සහ විදුලිය විසන්ධිවීම් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ගංවතුරත් සමඟ උමං මාර්ගයකින් මළ සිරුරු හතක් සොයා ගැනීමට සහන කණ්ඩායම් වෙත හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර උතුරු Chungcheong හි ගෝසාන් වේල්ල පිටාර ගැලීමට පටන් ගැනීමත් සමඟ අවට පදිංචිකරුවන් 6,400ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වේල්ල ආශ්‍රිත පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවාසීන් නිවෙස් තුළ සිරවී සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර ලබන බදාදා දක්වා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කොරියානු කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කරනවා.

මෙම අහයපත් කාලගුණයෙන් විපතට පත් වූ සියලු දෙනාට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස දකුණු කොරියා අගමැති හැන් ඩක්-සූ උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
1
+1
28
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07