දකුණු අප්‍රිකාව ලකුණු 138කට පළමු ඉනිම සීමා වෙද්දී කමින්ස්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

2023/25 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දෙවැනි දිනය වන අද (12) දිනයේ දී සිය පළමු ඉනිමට පිතිකරණය ලකුණු 138කට නිමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වුණා.

ඊයේ (11) ලෝඩ්ස් හි දී ප්‍රතිවාදී ඔස්ට්‍රෙලියාවට එරෙහිව ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ දකුණු අප්‍රිකාවයි.

ඒ අනුව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

දකුණු අප්‍රිකාවේ ඇරයුමින් පළමු ව පිතිකරණය ඇරඹි ඔස්ට්‍රෙලියානු පළමු ඉනිම ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් බියු වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී කගිසෝ රබඩා ලකුණු 51කට කඩුලු 05ක් බිඳ හෙලුවා.

මාර්කෝ ජැන්සන් කඩුලු 03ක් සහ කේෂව් මහරාජ් සහ මාක්‍රම් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව පළමු ඉනිමට පිතිකරණය ඇරඹි දකුණු අප්‍රිකාව සියලු දෙනා අද දිනයේ දෙවැනි භාගයේ දී ලකුණු 138කට දැවී ගියා.

ඩේවිඩ් බෙඩින්ග් හැම් ලකුණු 45ක් සහ බවුමා ලකුණු 36ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 06ක් සහ මිචෙල් ස්ටාක් කඩුලු 02ක් බිඳ හෙලුවා.

හේසල්වුඩ් එක් කඩුල්ලයි.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව දකුණු අප්‍රිකාවට වඩා සිය පළමු ඉනිමෙන් ලකුණු 74ක් ඉදිරියෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02