දකුණු අප්‍රිකාව ලකුණු 138කට පළමු ඉනිම සීමා වෙද්දී කමින්ස්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

2023/25 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දෙවැනි දිනය වන අද (12) දිනයේ දී සිය පළමු ඉනිමට පිතිකරණය ලකුණු 138කට නිමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වුණා.

ඊයේ (11) ලෝඩ්ස් හි දී ප්‍රතිවාදී ඔස්ට්‍රෙලියාවට එරෙහිව ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ දකුණු අප්‍රිකාවයි.

ඒ අනුව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

දකුණු අප්‍රිකාවේ ඇරයුමින් පළමු ව පිතිකරණය ඇරඹි ඔස්ට්‍රෙලියානු පළමු ඉනිම ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් බියු වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 66ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී කගිසෝ රබඩා ලකුණු 51කට කඩුලු 05ක් බිඳ හෙලුවා.

මාර්කෝ ජැන්සන් කඩුලු 03ක් සහ කේෂව් මහරාජ් සහ මාක්‍රම් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව පළමු ඉනිමට පිතිකරණය ඇරඹි දකුණු අප්‍රිකාව සියලු දෙනා අද දිනයේ දෙවැනි භාගයේ දී ලකුණු 138කට දැවී ගියා.

ඩේවිඩ් බෙඩින්ග් හැම් ලකුණු 45ක් සහ බවුමා ලකුණු 36ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 06ක් සහ මිචෙල් ස්ටාක් කඩුලු 02ක් බිඳ හෙලුවා.

හේසල්වුඩ් එක් කඩුල්ලයි.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව දකුණු අප්‍රිකාවට වඩා සිය පළමු ඉනිමෙන් ලකුණු 74ක් ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?