Empty Ad
AFC Banner
Empty Ad

තුන්සකරියේ ගාස්තුත් ඉහළට

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමූ බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේන සඳහන් කළේ ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදු වූ බවයි.

දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 80 දක්වා මිල වැඩි කිරීමට තීරණය කළ බවයි සභාපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ.

මේ අතර කුලී ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ක්‍රමය විධිමත් කරන ලෙස තම සංගමය නව ප්‍රවාහන අමාත්‍යවරයාට දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථ සඳහා අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහාවන ක්‍රමයක අවශ්‍යතාවය මේ වනවිට මතුව ඇති බවයි ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ.

ඒ සඳහා ද බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි ඔහු පැවසුවේ.

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) දින හිමිවීමත් සමඟ ඉන්ධන මිල ගණන් සංශෝධනයට රජය පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?