ජනපති සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සාමාජිකයින් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය වෙත පවරා තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සාමාජිකයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන අයද , ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39