බැඳුම්කර වංචාවට අදාළව අධිකරණයෙන් නියෝගයක්

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවේ දී රජයට පාඩු සිදු කළේ යැයි කියනු ලබන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2015 පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර නිකුතුවේ දී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළා.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කරනු ලැබුවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44