මාර්තු 15 සිදුකරන්නේ සත්ව සංගණනයක් නෙවෙයි – නියෝජ්‍ය ඇමති ඇන්ටන්

මාර්තු 15 වැනිදා සිදු වන්නේ සත්ව සංගණනයක් නොව සරල සමීක්ෂණයක් පමණක් බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිඳු දත්තයක් නැති වපසරියක යම් දත්ත ප්‍රමාණයක් හෝ ලබාගැනීම වෙනුවෙන් පමණක් මෙම සමීක්ෂණය සිදු කරන බවයි.

මේ හේතුවෙන් මෙම උත්සාහය පිළිබඳ උපහාසයෙන් බැලීම සුදුසු නොවන බව ද ඒ ඔහු අවධාරණය කළා.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳිගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.

මෙහිදී අලි මිනිස් ගැටුම ඇතුළු වගා හානි සිදුකරන අනෙකුත් සත්ත්වයින් වන රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් සම්බන්ධයෙන් පවතින ගැටුම් පිළිබඳ පැමිණි මන්ත්‍රීවරුන් කමිටුවට පෙන්වා දුන්නා.

රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් බෝවීම වැලැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එසේ කිරීමට අසමත් වුවහොත් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇතිවිය හැකි බවත් මේ අනුව සාකච්ඡා කෙරුණා.

සාකච්ඡාව අතරතුර අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි පෙන්වා දුන්නේ මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට අපහසු වුවද හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.
‍
එමෙන්ම අලි මිනිස් ගැටුම නැවැත්වීම සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත්, අලි ගමන් කරන සීමාවන් හඳුනාගෙන ඇති බවත්, එම ගමන් කිරීම්වලට බාධා ඇති වී තිබෙන මාර්ග නිරාවරණය කිරීමට කටයුතු කරන බවත් මෙහි දී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවා.

තවද අලි දුම්රියේ ගැටීම නැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය කැමරා පද්ධති සැකසීම ඇතුළු අවශ්‍යවන අනෙකුත් ක්‍රියාමාර්ග සති දෙකක් තුළ ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14