තුන්සකරියේ ගාස්තුත් ඉහළට

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමූ බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේන සඳහන් කළේ ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදු වූ බවයි.

දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 80 දක්වා මිල වැඩි කිරීමට තීරණය කළ බවයි සභාපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ.

මේ අතර කුලී ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ක්‍රමය විධිමත් කරන ලෙස තම සංගමය නව ප්‍රවාහන අමාත්‍යවරයාට දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථ සඳහා අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහාවන ක්‍රමයක අවශ්‍යතාවය මේ වනවිට මතුව ඇති බවයි ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ.

ඒ සඳහා ද බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි ඔහු පැවසුවේ.

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) දින හිමිවීමත් සමඟ ඉන්ධන මිල ගණන් සංශෝධනයට රජය පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35