ත්‍රිරෝද සොරකම් කළ කල්ලියක් කැස්බෑවේදී අත්අඩංගුවට(ඡායාරූප)

සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල වර්ණය,චැසි හා එන්ජින් අංක වෙනස් කර විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය කල්ලියක තිදෙනෙක් කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 80 පමණ වටිනා තීරෝද රථ 8 ක් ද පොලිස් බාරයට ගැනුණා.

සැකකරුවන් අතර ගරාජ් හිමියෙක්වා හා වාහන අලෙවිකරුවෙකු ද සිටින බව පොලිසිය පැවසුවා.

කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ නැති වූ ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මේ ජාවාරම අනාවරණය කර ගත්තේ පොලිස් සැරයන් 75769 ජයතුංග මහතායි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලිසිං ගෙවීමට අපහසු පුද්ගලයන් මුහුණු පොතෙන් හඳුනාගෙන ඔවුන් සතු ත්‍රිරෝද රථ ද කොටස් වශයෙන් මිලට ගෙන අලෙවි කර ඇති බව අනාවරණය වුණා.

පොලිස් භාරයට ගත් තීරෝද රථ රජයේ රස පරීක්ෂක වෙත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂක වෙත යොමුකර ඇති අතර සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 04 06 at 10.01.08 1 2
WhatsApp Image 2023 04 06 at 10.01.08 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32