තවත් වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට

අහුන්ගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණ පුද්ගලයින් වයස අවුරුදු 24 ක් හා 29 ක් වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය . මෙම වෙඩි තැබීම සිදුකල පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩිතැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට දැනට පොලිසිය සැකකරයි , සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?