Fly high Get bonus Aviator Phone

තමන්ට කොවිඩ් වැළඳුන හැටි ඇමති බන්දුල මාධ්‍යට කියයි

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිත වු තම රියදුරාගෙන් වන්නට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔබ පළඳින මුව ආවරණය කිසිසේත්ම ඉවත් නොකළ යුතු බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“රට තුළ හදිසි තත්වයක් පවත්නා මොහොතක මහජන නියෝජිතයෙකු වන මා හට රාජකාරි වලින් මිදිය නොහැකි වනවා මෙන්ම මාගේ නිලධාරීන් හා සමීපතමයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට ද සිදු ව ඇති අවස්ථාවක දී සැමගේ ආරක්ෂාව පිණිස මාගේ රාජකාරි කටයුතු අද දිනද Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන්නෙමි.

මෙහිදී මා හා පසුගිය දින කිහිපය පුරාවටම සමීපව රාජකාරී ඉටුකළ සෑම දෙනාටම ස්වයං නිරෝධායනයට ලක් වෙමින්, පහසු පරිදි සිය රාජකාරිය මාර්ගගත ඉටු කිරීමටද මා විසින් උපදෙස් ලබා දුන් අතර මොහොතකට හෝ රාජකාරියෙන් බැහැර වීම, රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අහිතකර බලපෑම් කළ හැකි කරුණක් බව පැහැදිලිව පෙනෙන බැවින් මාගේ වගකීම ආරක්ෂිතව ඉටු කරමි.

එසේම, ඔබ වෙත ලබා දිය යුතු එකම උපදෙස් වශයෙන් මා දකිනුයේ ඔබ මුව ආවරණය කිසිසේත්ම ඉවත් කළ යුතු නොවන බවයි. මන්ද යත්, මෙතෙක් කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදිත Respirone Nano AV 99 මුහුණු ආවරණය පැළඳ සිටි මා ආසාදිත යැයි තහවුරු වූ බොහෝ දෙනා අතර නිරෝගීව සිටි අවස්ථා බහුලය.

නමුත් මාගේ නිල රථයේදී මා විසින් මුහුණු ආවරණය ඉවත් කරනු ලැබීමි. ඒ වන විටත් වෙෙරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරු මහතෙකු මාගේ රථය ධාවනය කළ අවස්ථාවකදී, මා විසින් මුහුණු ආවරණය නොමැතිව ගමන් කරනු ලැබීම හේතුවෙන් මෙසේ මා ද ආසාදිත වී ඇති බව විශ්වාස කරමි.

එබැවින් මොහොතකට හෝ ඔබව සුරක්ෂිත කෙරෙන මුහුණු ආවරණය ඉවත් නොකරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?