තපලති විජේගේ රියදුරාගේ පුත්‍රයාටත් තමිල්නාඩු මැතිවරණයෙන් මන්ත්‍රී අසුනක්

සුපිරි ඉන්දීය නළු විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් පක්ෂය 2026 තමිල්නාඩු සභා මැතිවරණයේ දී ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණා.

මෙවර ප්‍රාන්ත මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තලපති විජේගේ රියදුරා වන රාජේන්ද්‍රන්ගේ පුත්‍රයා වන ආර්. සබරිනාදන්ට ද මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකිව ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට තොරතුරු වාර්තා කරනවා.

චෙන්නායි ලෝක් සභා මැතිවරණ කොට්ඨාශයට අයත් විරුගම්පාක්කම් ආසනය මෙලෙස ආර්. සබරිනාදන් ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන ඔහු 2021 සහ 2016 වසරවල දී ආසනය දිනාගත් DMK පක්ෂයේ ප්‍රභාකර රාජා සහ ADMK පක්ෂයේ විරුගයි රවී, ඡන්ද 22,000 කට වඩා වැඩි ගණනකින් පරාජයට පත්කර තිබීම ද විශේෂත්වයක්.

සබරිනාදන්ව ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් කිරීම ඔහුගේ පියාගේ බලාපොරොත්තුව වූ අතර, අවසානයේ දේශපාලනයට සම්බන්ධ වීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ විජේ වෙත යොමුව තිබෙනවා.

ඒ, අනුව තලපති විජේ විසින්, තම පුතාගේ තීරණයට සහාය දෙන ලෙස රාජේන්ද්‍රන්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව 2024 දී චෙන්නායි වෙතපැමිණි සබරිනාදන් විධිමත් ලෙස TVK හා සම්බන්ධ වී බිම් මට්ටමේ වැඩ කිරීම ආරම්භකර තිබෙනවා.

එහිදී ඔහුට මෙවර මහ මැතිවරණයේ දී විරුගම්බක්කම් ආසනයෙන් තරග කිරීමට විජේ අවස්ථාව ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
38
+1
2
+1
1
+1
5
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34