ණය හිමියන්ට ජනපතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත ලිපියක් යොමු කර තිබෙනවා.

ණය අර්බුදය විසඳීමටත්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බවටයි ජනාධිපතිවරයා එම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ.

ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාධනීයව කටයුතු කරන ලෙසට ද ණය හිමියන් දිරිමත් කර ඇති බවට අදාළ ලිපිය මගින් දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

President Letter1
President Letter2