ඩෙවෝන් ඇල්ල මුදුනේ නොසිතූ දෙයක් සිදුවෙයි – හමුදාවත් කැඳවයි

ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පැමිණි තරුණියක් එම ඇල්ලෙන් පහළට ඇද වැටී තිබෙනවා.

දිඹුල – පතන පොලීසිය පවසන්නේ ඇයගේ සිරුර සොයාගත නොහැකි වී ඇති බව යි.

දිය ඇල්ල නැරඹීම සඳහා තරුණියන් තිදෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් දිය ඇල්ල ආරම්භවන ඉහළ කොටසට ගොස් ඇති බවත් පැවසෙනවා.

අනතුරුව දිය ඇල්ල මුදුනෙහි ජල පහරින් පා සේදීමට උත්සහ කිරීමේ දී එක් තරුණියක් ලිස්සා ගොස් දියට ඇද වැටී ඇති අතර ඇය ගසාගෙන ගොස් දිය ඇල්ලෙන් පහළට ඇදවැටුණු බව අනෙක් තරුණියන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම සිදුවීම වී ඇත්තේ අද (18) පස්වරු 1.00ට පමණ යි.

මෙලෙස ඇද වැටී ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති තරුණියක්.

ඇය 19 හැවිරිදි වියෙහි පසු වී තිබෙනවා.

තරුණියගේ සිරුර සොයා පොලීසිය, යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඇදහැළෙන වර්ෂාවත් සමග ඩෙවෝන් දිය ඇල්ලට ඉහලින් වු ඩෙවොන් ඇළේ ගල් තලාව මේ දිනවල දැඩි ලිස්සන සුළු බවක් ගෙන ඇති බව යි.

දිය ඇල්ල මුදුන වෙත පැමිණෙන පිරිස් ඩෙවොන් ඇළට පිවිසීම වැලැක්විම සදහා කම්බි වැටක් ද ඉදිකර ඇති අතර අනතුරට පත් වූ තරුණිය ඇතුළු තිදෙනා එම වැට ද පැන ඇළ වෙත ගොස් ඇති බව යි වාර්තා වන්නේ.

මෙම දිය ඇල්ල අඩි 297ක් පමණ උසින් යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07