ඩෙංගු මරණ 53ට නගී – රෝගීන්ගේ සංඛ්‍යාවත් 74,000 ඉක්මවයි

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,000 ඉක්මවා ගොස් තිබෙනවා

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන්
74,478 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඒ අනුව ඊයේ (17) දිනයේ දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,023 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ ඩෙංගු මරණ සංඛ්‍යාව ද මේ වනවිට 53ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.