ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයේ හූති සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර

ඇමරිකානු හමුදා යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු යේමනයේ හූතිවරුන්ට එරෙහි එල්ල කළ පළමු ප්‍රහාරය මෙයවන අතර මෙම ප්‍රහාරවලින් 21 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් හූති සටන්කාමීන් වෙත ප්‍රහාර එල්ල කරන බවයි ට්‍රම්ප් පවසා සිටියේ.

සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් නිකුත් කරමින් සඳහන් කළේ, යේමනයේ හූතිවරුන් සඳහා තීරණාත්මක හා ප්‍රබල මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් හූතිවරු , යේමනයේ අගනුවර වන සානා හි නේවාසික ප්‍රදේශ ඉලක්ක කරගත් “දුෂ්ට” ආක්‍රමණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියට දොස් පවරා සිටියා.

කෙසේ වෙතත් එක්සත් රාජධානිය සෙනසුරාදා හූති ඉලක්කවලට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලට සහභාගී නොවූ බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11

?